සම්බන්දතා ඇතිකර ගැනීමෙදි පරිස්සම් වෙන්න.

සම්බන්දතා ඇතිකර ගැනීමෙදි පරිස්සම් වෙන්න........

අනේක විද දුක් ගැහැට විදගෙන, දසමාසයක් කුස දරා, අම්මා කෙනෙක් තමන්ගේ දරුවා මේ ලෝකෙට බිහි කරන්න වගේම..
දෙමව්පියන් ඒ දරුවා ඉපදුන දවසේ ඉදලා කරන කැපවිම්, දක්වන ආදරය,පරස්සම් කරගන්න දරන වෙහෙස වචන වලට නගන්න බැරි තරම්. ඇත්තටම ඒ හැගිම් බොහෝ දුරට තේරුම් යන්නේ.. අපිත් දෙමාපියන් උන දවසේ....
කුඩා කාලයේ ඉදන් තරුණ විය වෙනකම්ම ඒ දේ නොවෙනස්ව පවතිනවා....එහෙම රැකගත්ත ජීවිත නිමේෂයකින් නැතිකරලා දාන තරමටම මිනිස්සු නපුරු වෙලා...මුළු ගැහැණු සංහතියටම ශාපයක් වෙන ගැහැණු ජිවිතත් අපි අතරම ඉන්නවා..😢
පසුගිය දවසක සිදුවීමත් ඒකට උදාහරණයක්.😢
කෙනෙකුගේ පුද්ගලික ජීවිතය විනිවිද දකින්න හෝ බලන්න අපිට අයිතියක් නැහැ...
ඒත් ජිවිතයක් නිකරුනේ උදුරා ගන්නත් අපිට අයිතියක් නැහැ.

👉 තරුණ ජීවිතයක් හිමි ඔබ.......

📌ආදර සම්බන්ධතා පටන් ගැනිමේදි ගොඩාක් පරිස්සම් වෙන්න.
..මිනිස් වෙසින් ඉන්න යක්ෂනියක් වගේම යක්ෂයන් බොහෝමයි ( ඇත්තට මේ වගේ අයව තිරිසනුන්ට සමාන කරන්නවත් සුදුසු නැහැ..ඒක අහිංසක තිරිසනුන්ටත් කරන අපහාසයක්)

📌 පොත්ත සුදුවු පමණින් අවසිහියෙන් මෙන් ආදරවන්තිය තෝරා ගන්න යන්න එපා.ඇත්තටම රූපය කියන දිනක නැතිවෙලා යන භෞතික සාධකය තමයි අපේ තරුණයන් මුලින්ම ඉස්සර කරගන්නේ...අඩියෙන් අඩියට රූපය ලස්සන වගේම විකෘති කරන ආයතන තියෙන කාලෙක ඔබව රැවටෙන්න තියෙන අවකාශය වැඩියි..

📌 ඔබ වයස අවුරුදු 18ක් පසුකලා වෙන්න පුළුවන්, ඔව් ඔයා දැන් වැඩිහිටියෙක්.. තමා කැමති කෙනෙක්ව සහාකාරිය විදිහට තෝරගන්න අයිතියක් ඔයාට තියෙනවා..
ඒත්....ඔබේ ඒ සම්බන්ධයට අම්මා තාත්තාගේ අයියාගේ, අක්කාගේ ආශිර්වාදය හම්බුනේ නැතිනම් මොහොතක් සිතන්න.....
ඔයාගේ තීරණයේ, කොහේ හරි ඔබට නොපෙනෙන වැරැද්දක් වෙන්න ඉඩකඩ බොහෝ වැඩියි....🙏
📌විවාහයට පෙර තමන්ගේ පෙම්වන්තියට හෝ ප්‍රේමවන්තයාට මුදල් වියදම් කිරිමේදි හරිම පරිස්සම් වෙන්න...මොකද ඔයාව පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්...
ගොඩාක් තරුණ පිරිස් අමාරුවේ වැටෙන තැනක් තමයි මේ..තමන් වදාපු දෙමව්පියන්ට ලෙන්සුවක් තරම් තෑගි නොදෙන බොහෝ තරුණ ළමයි...තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි තමන්ගේ ආදරය වෙනුවෙන් වියදම් කරනවා..ලක්ෂ ගණනින් සමහරු... හොදට හොයලා බලන්න මේ වගේ සම්බන්ධතා යහපත් අවසානයක් කරා යන එක හරිම විරලයි.විවාහයෙන් පසුව ඇය හෝ ඔහු වෙනුවෙන් වියදම් කිරිම අනිවාර්යයෙන් කල යුතු යුතුකමක් මෙන්ම වගකීමක්..එත් විවාහයට පෙර නම් හරිම පරිස්සමෙන් 💔
📌ලෝකයාගේ කතාවලට බයේ නම් ඔබට නොගැලපෙන යැයි හැගෙන සම්බන්ධතා විවාහයක් දක්වා ගෙනියන්න එපා 🖐🏼
ඉවත්වෙන්න එතනින්.ප්‍රථම ප්‍රේමය විවාහය දක්වාම ගෙනියන් ඕන කියලා කොහේවත් ලියලා තියෙනවාද😎
හැබැයි තමන්ගේ ආත්ම ගරුත්වය ,චරිතය රැකගන්න විශේෂයෙන් කෙල්ලෝ වගේම කොල්ලොත් දැනගන්න ඕන..😄තමන්ගේ සීමාවන් දැනගෙන සබදතා පවත්වන්න.🥰
📌ගැහැණු පිරිමි කියලා බේදයක් නැහැ...හැමෝම රැවටෙන්න තියෙන අවස්ථාව වැඩියි මේ විපරිත ලෝකය තුළ විශ්වාස ‍රැකගන්න මහන්සි වෙන්න...හදවතට වඩා මොළය පාවිච්චි කරන්න..🙏
📌ආදරය අන්ධ වෙන්න නොදි තියාගන්න..සෙවිල්ලෙන් ඉන්න....ගින්නක් නැතිව දුමක් නොනගින බව සිතන්න... හැබැයි අනවශ්‍ය සැකකිරිම් ද මානසික රෝගයක්  බවද මතක තියාගන්න 🤣.

📌ඉවක් තිබීම හරිම වැදගත්...නිදහස දෙන්න..එත් අවදානයෙන් හිද... පළමු අවස්ථාවේම ක්‍රියාත්මක වෙන්න..💔💔
📌මිනිසුන් සංසාරීකව රැගෙන එන ජන්ම ගති ඔබට වෙනස් කිරිමට නොහැක... ඉවත් වෙන්න දැනුනු විගසම...
📌 පුද්ගලායාගෙන් පුද්ගලයාට හෝමෝන ක්‍රියාකරිත්වය වැඩිය..තවකෙක් ලද දෙයින් සැහිමකට පත් නොවේ... උන්මත්තකයන් මෙන් හැසිරිමට මෙන් පටන් ගෙන තිබේ .
📌 කොටින්ම ගාය වැඩිපුර  තිබිමට පුළුවන එහෙත් එයට අහිංසක ජිවිත බිලිනොගන්න...
පාරිශුද්ධත්වයය තිබිය යුතු ප්‍රේමය නැමැති වචනය කිළිටු නොකරන්න...🙏🏻🙏🏻🙏🏻

යායුතුම නම් තමන්ට ගැලපෙන තැන සොයාගන්න..අන් ජීවිත විනාශ නොකරන්න...🖐🏼👍🙏🏻

✍️උදාරි ජයතිලක .
x
x

Post a Comment

0 Comments