ඔබට අතීතයට ගොස් ආරම්භය වෙනස් කළ නොහැක
එහෙත්,අවසානය වෙනස් කරගැනීම මේ මොහොතේ සිට ඇරඹිය හැක.
ජිවිතේ ඔබ ගත්ත සමහර තීන්දු තීරණ නිසා.ඔබේ අනාගතය අදුරු වෙන්න ඉඩ හැරිය යුතුද?
අද දවසේ ඔබට දැනේන පසුතැවීම හෙට දවසටත් රැගෙන යා යුතුමද?
අතීතයේ අදුරු සෙවණැලි මේ මොහොතේම මගහැර යාමට තරම් ශක්තියක් අප ගොඩනගා ගත යුතුය.
පටන් ගැන්ම ඔබට අපහසු වේවි එහෙත් ඔබට එය කරන්නටම සිදුවේවි නොමැති නම් අනාගතය දෙස වෙන දෙයක් වුනාදෙන් සේ සිතා ජීවත් වීමට ඔබට සිදුවනු ඇත
සුන්දර මෙන්ම සාර්ථක ගමනාන්තයකට ළගා වු බොහෝ දෙනෙකු හට ආ මග පහසු වුයේ නැත. අසාර්ථක වීම් ඕනෑ තරම් මුණ ගැසී තිබෙන්නට ද පුළුවන.
එහෙත් ආ මග දෙස හැරි බලා දුක් නොවි සතුටු වන්නට ද ඇත.
හෙට දවසේ ඔබ සාර්ථක වු පසු ඔබේ ගමන් මගෙහි ඔබ සිදුකල වෙනස් කම් වල වටිනාකම ඔබට දැනෙනු ඇත.
ආරම්භය සිදුවනුයේ බොහෝ විට අත්දැකිම් විරහිතවය.කලක් ගතවෙත්ම ඔබට හොද නරක දෙක සමසේ අත්දැකීම් ඔබට ලැබෙනු ඇත.
අත්දැකිම් හමුවේ කඩා නොවැටි අප ලගා ගත යුතු දේ ලබා ගත යුතුය.
ඔබ, ඔබගේ අතීතය තුළ සිරකරුවෙකු වී සිටි නම් ඔබට සාර්ථක අවසානයක් නැතිනම් ගමනාන්තයක් කරා එළබීම අපහසු විය හැක.
එහෙයින් ආරම්භයට ගොස් අතීතය වෙනස් කිරිම වැනි නිෂ්පල ක්රියා ගැන නොසිතා..සන්සුන් මනසින් ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට මේ මොහොතේම සුදානම් වෙන්න.
උදාරි ජයතිලක
0 Comments